මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
04

මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක්

මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මී උණ රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය දන්වා තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ ගතවූ මාස අටක කාලය තුළ මී උණ රෝගීන් තුන් දහස් පන්සීයක් වාර්තාවී ඇති බවයි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂානි දාබරේරා ප්‍රකාශ කර සිටියේ.

මේ අතර රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල, මාතර, මොනරාගල, බදුල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලින් මී උණ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව ද එතුමිය තවදුරටත් ප්‍රකාශ කර සිටියා. 

views

259 Views

Comments

arrow-up