දකුණේ අපරාධකරුවන්ට පොලිසියෙන් රතු නිවේදන

පසුගිය කාලයේ දකුණු පළාත තුළ අපරාධ සිදුකළ සැකකරුවන් සහ ඔවුන්ට අනුබල දුන් සියලුදෙනා මේ වනවිටත් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
දකුණු පළාතේ පසුගිය ජූනි මාසයේ 1 වැනිදා සිට මේ දක්වා කාලය තුළ තුවක්කුකරුවන් විසින් වෙඩිතැබීමෙන් 13 දෙනෙකු මරණයට පත්ව ඇති බවත් සිද්ධි 4කට අදාළව සම්පූර්ණ විමර්ශන කටයුතු සිදුකසැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කරයි.
එසේම ටී 56 ආයුධ,ල බ්‍රවුනින් පිස්තෝලයක් ද සොයාගෙන ඇතැයිද පවසයි.
254 Views
Comments