සුඛෝපභෝගී ජීප් රථය නාග විහාරයේ තාප්පයේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
04

සුඛෝපභෝගී ජීප් රථය නාග විහාරයේ තාප්පයේ

සුඛෝපභෝගී ජීප් රථය නාග විහාරයේ තාප්පයේ

අද (04) අලුයම 5.30ට පමණ අධි සුඛෝපභෝගී ජීප් රථයක් කෝට්ටේ ශ්‍රී නාග විහාරය ආසන්නයේ දී අනතුරට පත්ව ඇත.

 

මිරිහාන සිට පිටකෝට්ටේ දෙසට ධාවනය වූ මෙම ජීප් රථය කෝට්ටේ නාග විහාරයේ තාප්පයේ හා නිවසක් තාප්පය ඇතුළු ස්ථාන කිහිපයක ගැටී තිබේ.

 

අනතුරෙන් නාග විහාරයේ තාප්පයට හා තවත් වෙළඳසැලකට හානි සිදුවී ඇති අතර කිසිවෙකුට තුවාල සිදු වී නොමැත.

 

බීමත්ව රිය පැදවීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පල කරන අතර ජීප් රථයේ රියදුරු මිරිහාන පොලීසියේ රථවාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් රියදුරු අධිකරණ වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

views

290 Views

Comments

arrow-up