සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර අද
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
28

සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර අද

සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර අද

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර අද(28) ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව අද අළුයම කප් සිටුවීමෙන් අනතුරුව රාත්‍රී කුඹල් පෙරහැර ආරම්භ කෙරෙන අතර 31 වනදා දක්වා කුඹල් පෙරහැර පැවැත්වෙනවා.

වීදි පෙරහැර සැප්තැම්බර් පළවෙනිදා සිට පස්වැනි දා දක්වාත් සබරගමු මහ සමන් දේවාලයේ මහ පෙරහර සැප්තැම්බර් 6 වනදා සිට 10 දක්වාත් වීදි සංචාරය කෙරෙනවා.

සැප්තැම්බර් 11 වනදා දිය කැපීමෙන් අනතුරුව පෙරහර කටයුතු නිමාවට පත් කරන බවයි බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා ප්‍රකාශ කර සිටියේ.

views

243 Views

Comments

arrow-up