JAN
24
රැඳවුම් භාරයේ සිටි වන අලි මන්දපෝෂණයෙන් මියයයි

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ වන අලින් මන්දපෝෂණ තත්ත්වය සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මියයන බවට වාර්තා වෙයි.
අප කළ සොයාබැලීමකදී අනාවරණ වූයේ වසර පහක කාලයක් තුළ මෙහි වන අලි 12 දෙනෙකු මියගොස් ඇති බවය.
ඉන් 5 දෙනෙකු මියගොස් ඇත්තේ, මන්දපෝෂණ තත්ත්වයෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.
හෙක්ටයාර 997ක විහිදී ඇති හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය ආරම්භ වන්නේ, දීර්ඝ කාලයක පටන් මෙරට පවතින අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේ අරමුණිනි.
වගාවන්ට සහ මිනිස් ජීවිතවලට හානි පමුණුවමින් ගම්වදින වන අලි මෙහි ගෙනඑන්නේ 2015 වසරේ සිටය.
651 Views
Comments