සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම නිවේදනයක් නිකුත් කරයි

සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් සඳහා වෙනත් බාහිර ආයතන යොදාගන්නා බවට පළවූ වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.
මෙරට තුළ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් හෝ එම ව්‍යාපාරය සඳහා කිසිදු බාහිර ආයතනයක් හෝ තුන්වන පාර්ශ්වයක් සම්බන්ධ කරගෙන නොමැති බව එම සමාගම සඳහන් කරන ලදී.
සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම සිය ඉන්ධන පිරවුම්හල් සේවා බලපත්‍ර අයිතිය වෙනත් කිසිදු පාර්ශ්වයකට පැවරීමට අදහස් නොකරන බව සඳහන් කරයි.
සිය සන්නාමයේ කීර්ති නාමය ආරක්ෂා කරගැනීම සඳහා තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් ඔවුන් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වෙයි.
232 Views
Comments