අයියාගේ යතුරුපැදිය ගෙන ගිය මල්ලී සදහටම යන්න යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

අයියාගේ යතුරුපැදිය ගෙන ගිය මල්ලී සදහටම යන්න යයි

අයියාගේ යතුරුපැදිය ගෙන ගිය මල්ලී සදහටම යන්න යයි

ත්‍රිකුණාමලය ඕර්ස්හිල් ප්‍රදේශයේදි අද (01) සිදු වු යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ත්‍රිකුණාමල මුලස්ථාන පොලිසිය පවසයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය සුමේධගම පදිංචි කේ.වයි.සහන් මධුසංඛ (16) නැමැති සිසුවෙකි.

 

මියගිය සිසුවා සිය වැඩිමහල් සහෝදරයාගේ යතුරු පැදිය රැගෙන තවත් දෙදෙනකු සමග හිස් වැසුම් රහිතව ඕර්ස්හීල් ප්‍රදෙශයේ ගමන් කරද්දි මෙම අනතුර සිදුවි තිබේ.

 

අනතුරින් තුවාල ලැබු අනෙක් දෙදෙනා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් අයෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග කියයි.

 

මියගිය සිසුවාට හො තුවාල ලැබු අයට වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති අතර මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.

views

754 Views

Comments

arrow-up