විවාහක අනියම් පෙම්වතියව මාඔයේ බෝට්‌ටු සවාරි ගෙනගොස් පෙම්වතා හා මිතුරන් දෙදෙනෙකු එක්ව සමූහ දූෂණය කරලා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

විවාහක අනියම් පෙම්වතියව මාඔයේ බෝට්‌ටු සවාරි ගෙනගොස් පෙම්වතා හා මිතුරන් දෙදෙනෙකු එක්ව සමූහ දූෂණය කරලා

විවාහක අනියම් පෙම්වතියව මාඔයේ බෝට්‌ටු සවාරි ගෙනගොස් පෙම්වතා හා මිතුරන් දෙදෙනෙකු එක්ව සමූහ දූෂණය කරලා

තම අනියම් පෙම්වතිය වූ විවාහක කාන්තාවක් මාඔයේ බෝට්‌ටු සවාරියකට රැගෙන යන මුවාවෙන් ගෙනගොස්‌ තම මිතුරන් දෙදෙනෙකු සමඟ එක්‌වී ඇයව සමූහ දූෂණයට ලක්‌කළ බව කියන අනියම් පෙම්වතා සහ ඔහුගේ මිතුරන් දෙදෙනා රුපියල් ලක්‌ෂ 06 බැගින් පිළිගත් ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළාය.


 
දැඩි කොන්දේසි සහිතව මෙලෙස ඇප නියම වූ සැකකරුවන් වූයේ කොච්චිකඩේ පදිංචිකරුවන් තිදෙනෙකි. 

 

පළමු සැකකරු ත්‍රිරෝද රථ රියෑදුරෙකු වන අතර ඔහු මත්ද්‍රව්‍ය චෝදනා ලබා බන්ධනාගාර ගතවී සිටින පුද්ගලයකුගේ බිරිඳ සමඟ කලක පටන් අනියම් සබඳතාවක්‌ පවත්වාගෙන ගොස්‌ තිබේ.


 
 පසුගිය දිනෙක ප්‍රධාන සැකකරු විනිස් තම අනියම් පෙම්වතියට මා ඔයේ බෝට්‌ටු සවාරියක්‌ යෑමට යෝජනා කර ඇති අතර බෝට්‌ටු සවාරියට අනියම් පෙම්වතා සමඟ ඔහුගේ මිතුරන් දෙදෙනකු ද සහභාගි වී ඇත.


 
බෝට්‌ටු සවාරියේදී අනියම් පෙම්වතා ඔහුගේ මිතුරන් දෙදෙනා සහ අනියම් පෙම්වතිය මත්පැන් පානය කර තිබේ. 

 

අනතුරුව අනියම් පෙම්වතා ඔහුගේ මිතුරන් දෙදෙනා සමඟ එක්‌ව එම කාන්තාව සමූහ දූෂණයකට ලක්‌කර ඇතැයි පැමිණිල්ලේ සඳහන්වේ.


 
මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ කරුණු අනුව සැකකරුවන්ට ඇප නියම විය.

views

2151 Views

Comments

arrow-up