සිංහරාජයෙන් ජීවී සාම්පල එකතු කළ විදේශිකයින් අත්අඩංගුවට

බලපත්‍රයක් නොමැතිව සිංහරාජ වනාන්තරයෙන් ලබාගන්නා ලද ජීවී හා අජීවී සතුන් සහ ශාක කොටස් රැගෙන යාමට උත්සහ කළ ඉරාන ජාතිකයන් තිදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයකු නෙළුව අඩවි වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් පෙරේදා (ජූනි 28) සවස 1.45 ට පමණ අත්අඩංගුවට ගෙන උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 5 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබ ඇත.
සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඉරාන ජාතිකයන් තිදෙනකු සහ කඳාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට පත්විය.
ඉරාන ජාතිකයන් තිදෙනා ඊයේ (ජූනි 29) අලුයම පිටත් වන ගුවන් යානයකින් ඉරානය බලා යාම සඳහා සූදානමින් සිට ඇති අතර ඔවුන් විසින් එකතු කර ගන්නා ලද ශාක හා සත්ත්ව කොටස් ද රැගෙන අලුයම රටින් පිටවීමේ සැලසුමක සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබූ දෑ අතර මියගිය උභය ජීවීන්, ගෙම්බන් හා සර්පයන් ද, වෙනත් කෘමි සතුන් වර්ග, හතු වර්ග හා ශාක කොටස් රාශියක් ද තිබී ඇති අතර සතුන් ඇල්ලීමට ගන්නා විවිධ ප්‍රමාණයන්හි අතංගු, විදුලි පන්දම්, කාච වර්ග හා පාරජම්බුල කිරණ සහිත ලාම්පුද තිබී ඇත.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
281 Views
Comments