චෝදනා වලට ඍජුව මුහුණ දෙනවා - අජිත් නිවාඩ් කබ්‍රාල්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

චෝදනා වලට ඍජුව මුහුණ දෙනවා - අජිත් නිවාඩ් කබ්‍රාල්

චෝදනා වලට ඍජුව මුහුණ දෙනවා - අජිත් නිවාඩ් කබ්‍රාල්

තමාට එරෙහිව ගොනු කර ඇති චෝදනා සඳහා ඍජුව මුහුණ දී සත්‍ය තහවුරු කරන බව හිටපු මහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් බලාපොරොත්තු වන බව ඔහුගේ නීතිඥයන් ප්‍රකාශ කර සිටිනවා.

එසේම ඔහුට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනමට විරුද්ධව කටයුතු කරන්නට ද කිසිදු බලාපොරොත්තුවක් නැතැයි ඔහුගේ නීතිඥයන් තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

හිටපු මහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙත පනවා තිබු විදෙස් ගමන් තහනම ඔක්තෝබර් මස 26 වන දා දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(25) නියෝග කර තිබෙනවා.

ඒ දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් අද කැඳවූ අවස්ථාවේදීයි.

2006 වසරේ ජූලි මස පළවෙනිදා සිට 2015 වසරේ ජනවාරි මස 8 වන දා දක්වා කාලය තුළ මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් මෙරට කීර්තිනාමය වර්ධනය කිරීමට යැයි පවසමින් ඇමරිකානු ජාතික ඉමාඩ් සුබේරි යන අයට ගෙවීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ සාපරාධී වරදක් සිදුකර ඇතැයි අදාල පැමිණිල්ලේ සඳහන්.

එමෙන්ම 2022 වසරේ ජනවාරි මස 18 වන දින කල් පිරීමට නියමිත ස්වෛරී බැඳුම්කර තුළින් රජයට ඩොලර් මිලියන 500ක පාඩුවක් සිදුකල බවද මෙහි තවදුරටත් සඳහන් වෙනවා.

 

views

326 Views

Comments

arrow-up