පොඩි ලැසීගේ මවගෙන් පෙත්සමක්

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින තම පුත්‍රයා වන ජනිත් මධුශංක නොහොත් පොඩි ලැසී මුදාහරින ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ මව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
මනෝජ් මෙන්ඩිස් නමැත්තෙකුගේ ඝාතනයක් පිළිබඳව අත්අඩංගුවට ගැනුණු තම පුතුට පසුව මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනීමැරුම් නඩු 7කට චෝදනා එල්ල කර ඇති බව ඇය පෙන්වා දෙනවා.
ඒ අනුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කළ ජනිත් මධුශංක ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් නීති විරෝධීව රඳවා තබාගෙන සිටින බවයි පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් සඳහන් කරන්නේ.
569 Views
Comments