මතභේදාත්මක චීන අක්ෂර සහිත සමරු ඵලකය ඉවත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

මතභේදාත්මක චීන අක්ෂර සහිත සමරු ඵලකය ඉවත් කරයි

මතභේදාත්මක චීන අක්ෂර සහිත සමරු ඵලකය ඉවත් කරයි

චීන රජය විසින් අරමුදල් සපයන ලද නීතිපති දෙපාර්තමේන්තුවේ ඊ පුස්තකාල ගොඩනැඟිල්ල විවෘත කළ දිනයේ එහි තිබූ මතභේදාත්මක සමරු ඵලකය ඉවත් කරගෙන තිබෙනවා.

 

පසුගිය 19 වනදා උත්සවාකාරයෙන් නිරාවරණය කෙරුණු මෙම සමරු ඵලකය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති භාෂා අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් නිමවා තිබීම සම්බන්ධයෙන් පාර්ශව රැසක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කර තිබුණා.

 

එහිදී අදාල සමරුඵලකයේ දෙමළ භාෂාව වෙනුවට චීන මැන්ඩරීන් භාෂාව යොදා තිබුණු අතර මෙය සමාජයේ මහත් මතභේදයට තුඩුදුන් කරුණක් වුණා.

 

මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නිශාරා ජයරත්න මහත්මිය ප්‍රකාශ කළේ මතභේදයට තුඩුදුන් සමරු ඵලකය වෙනුවට වෙනත් සමරු ඵලකයක් ප්‍රතිස්ථාපනය කළ බවයි.

views

1180 Views

Comments

arrow-up