කොරෝනා අස්සේ ගංවතුරෙන් බැටකන අපේම මිනිසුන් බේරන " අපෙන් එකෙකි ඒ මිනිසා" (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

කොරෝනා අස්සේ ගංවතුරෙන් බැටකන අපේම මිනිසුන් බේරන " අපෙන් එකෙකි ඒ මිනිසා" (PHOTOS)

කොරෝනා අස්සේ ගංවතුරෙන් බැටකන අපේම මිනිසුන් බේරන " අපෙන් එකෙකි ඒ මිනිසා" (PHOTOS)

කොරෝනා අස්සේ දැන් මහ ගංවතුරක් එන හැඩයිකැළඹුණු කාලගුණයට මුහුණ දෙන්නත් අපේ ආමි නේවි එයාෆොර්ස් කොල්ලන් සූදානමින්. ගංවතුරෙන් බැට නායයෑම්වලින් බැටකෑ අපේම ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් වල නිරත වෙන අපේ රණවිරුවෝ දිවි හිමියෙන් එම මෙහෙයුම් වල නිරත වෙන බවට අපට වාර්තා වුණා

 

මේ ඉන් කිහිපයකි

 

රුවන්වැල්ල මායින්නොළුව ප්‍රදේශයේ  දී කුඩා ඔය පිටාර ගැලීම නිසා  ඇති වූ ගංවතුරට කොටු වී සිටි පවුල් හතරකට අයත් පුද්ගලයින් 13 දෙනෙකු   මුදා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් කටයුතු කළා

 

බෙන්තර ගඟේ අතු ශඛාවක් පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුර තත්ත්වයක් නිසා ආපදාවට ලක්වූ පිරිසක් වෙත සහන සැලසීමට යුද හමුදාව කටයුතු කළා

 

ඒ වගේම ගංවතුර තත්ත්වය නිසාවෙන් ආපදාවට ලක්ව සිටි අකුරැස්ස, කඹුරුපිටිය, අතුරලිය සහ මාලිම්බඩ ප්‍රදේශයන්හි පිරිස් වෙත සහන සැලසුවා

 

ධාරානිපාත වර්ෂාව නිසාවෙන් ඇල්පිටිය, නෙළුව, බද්දේගම, තවලම, යක්කලමුල්ල, නාගොඩ සහ නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඇති වූ ගංවතුර තත්ත්වයක් සහ නෙළුව වාරුකන්ද ප්‍රදේශයේ ඇති වූ නාය යාම් නිසා ආපදාවට ලක් වූ පිරිස් වෙත සහන සැලසුවා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

824 Views

Comments

arrow-up