MAY
16
රසායනාගාරවල කොවිඩ් පරීක්ෂණ ධාරිතාව ඉක්මවලා - රවී කුමුදේශ්

පසුගිය දෙසතියේ සිට මෙරට ප්‍රධානතම රසායනාගාරවල කොවිඩ් පරීක්ෂණ ධාරිතාව අභිබවා ගොස් ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.
මෙලෙස රසායනාගාර වලට දැරිය නොහැකි තරම් සාම්පල ලැබීම හේතුවෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රතිඵල ලබා දීමට දින 5ක පමණ ප්‍රමාදයක් ඇති වෙන බව ඔහු පෙන්වා දෙයි.
ඊයේ(15) දිනයේ දී මෙරට සිදු කර ඇති සම්පූර්ණ PCR පරීක්ෂණ ගණන 22,247කි.
source : hirunews
512 Views
Comments