වෛද්‍ය රසායනාගාර සේවාව ධාරිතාව පැනලා - රවී කුමුදේශ්

මේ වන විට රට තුළ පවතින තත්වය හමුවේ වෛද්‍ය රසායනාගාර ධාරිතාව සීමාව ඉක්මවමින් පවතින බවත් ඊට අදාළ වහාම පිළියම් යෙදිය යුතු බවටත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.
මේ සඳහා මධ්‍යගත රසායනාගාර සේවාවට සමාන්තරව මූලික රෝහල් හා දිස්ත්‍රික් රෝහල් පදනම් කරගත් විමධ්‍යගත රසායනාගාර සේවාවකට අත්‍යවශ්‍ය උපකරණ ලබාදී පරීක්ෂණ ධාරිතාව දෙගුණයකට වඩා වැඩි කළ හැකි බව ඔහු පෙන්වා දෙනවා.
විකල්ප රසායනාගාර ක්‍රමය ස්ථාපිත කිරීම දිනෙන් දින ප්‍රමාද කිරීම බරපතළ අර්බුදයකට අතවැනීමක් බවත් එබැවින් මෙම සේවා කඩිනම් කර සාම්ප්‍රදායික PCR පරීක්ෂණ වෙනුවට ස්ථානීය PCR පරීක්ෂණ, ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ, ජංගම රසායනාගාර යන සංකල්ප ඉතා කඩිනමින් භාවිතා කරන ලෙසත් ඔවුන් රජයට අවධාරණය කරනවා.
මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යංශය, ජනාධිපතිවරයා ඇතුළු පාර්ශ්වයන් වෙත මේ පිළිබඳව තාක්ෂණික වාර්තා ඉදිරිපත් කර ඇති බවත් නමුත් ඒ ගැන සාකච්ඡා කිරීමට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවත් ඔහු චෝදනා කරනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙම උද්දච්ච ස්වභාවයට මහජනතාවට හානි කර බැවින් ජනාධිපතිවරයා හෝ මැදිහත් වී මෙයට වහා පියවර ගත යුතු බවයි රවි කුමුදේශ් මහතා පවසන්නේ.
1032 Views
Comments