AUG
09
අද ජනපති රනිල්ගේ සංශෝධිත අයවැය පාර්ලිමේන්තුවට - මොනවද ලැබෙන සහන බලමු

පාර්ලිමේන්තුව අද(09) පස්වරු 1ට රැස්වීමට නියමිතව තිබේ.
අද දිනයේ ජනපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ පාර්ලිමේන්තු විවාදය ආරම්භවීමට නියමිතය.
එම විවාදය ලබන බදාදා සහ සිකුරාදා දිනවලදී පැවැත්වීමට නියමිතව ඇත.
මේ අතර අයවැය සංශෝධන පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සඳහන් කළේය.
මේ වසරේ ඉතිරි කාලසීමාව සඳහා සංශෝධිත අයවැයක් ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබුණි.
311 Views
Comments