ජනපති ඇමති කුට්ටම අනන්නේ මෙහෙමයි - ගැලවෙන ඇමති තනතුරු මෙන්න

ඉදිරිදින කිහිපය තුළ අමාත්‍ය මණ්ඩලයේ විශාල වෙනසක් සිදුකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කොට තිබේ.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ 60%ක පමණ සංශෝධනයක් සිදුවනු ඇතැයි වාර්තාවේ.
කෙසේ වුවත් මෙහිදී අලුතින් කැබිනට් මණ්ඩලයට කිසිවෙකුත් ඇතුළත් නොවනු ඇති අතර දැනට සිටින කැබිනට් අමාත්‍යවරුන් අතරම අමාත්‍යාංශ මාරුවක් සිදුවනු ඇතැයි පැවසේ.
දැනට දැඩි ආන්දෝලනයට තුඩුදී තිබෙන කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනකුගේම අමාත්‍ය ධූර වෙනසකට ලක්කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට තිබේ.
එසේම සුසිල් ප්‍රේමජයන්ත් මහතාගෙන් හිස්වුනු අමාත්‍යධුරයද පිරවෙනු ඇති අතර අලුතින් රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනකු පත්කිරීමටද නියමිත බව දැනගන්නට ලැබේ.
1295 Views
Comments