ප්‍රතිකාර සඳහා පැමිණ හෙදියකට අයුතු යෝජනාවක් කළ තරුණයා අත්අඩංගුවට

බළන්ගොඩ මූලික රෝහලේ සේවයේ නියතු හෙදියකට අයුතු යෝජනාවක් කළැයි කියන ඕපනායක ප්‍රදේශයේ තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට පැමිණි අවස්ථාවක ඉතා සූක්‍ෂම ලෙස හෙදියගේ ජංගම දුරකථන අංකය ලබාගෙන පසුව මෙම යෝජනාව කර ඇති බව පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන්වේ.
පොලිසිය විසින් මෙම පුද්ගලයාගේ දුරකථන විශ්ලේෂණ වාර්තාවක්ද ලබාගෙන ඇති අතර සැකකරු ඊයේ(04) බළන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
962 Views
Comments