මුදල් අච්චුගැහුවට උද්දමනය වැඩි වෙන්නෙ නැ - අජිත් කබ්රාල්

ශ්‍රී ලංකාවේ මේ වන විට මුදල් අච්චුගැසීම සම්බන්ධයෙන් කතිකාවතක් ගොඩ නැගී ඇත්තේ මෙමගින් රටේ උද්දමනය ඉහල යාමක් ඇති විය හැකි නිසාය.
නමුත් මේ සම්බනධව අදහස් දක්වමින් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරේ,
"භාණ්ඩාගාර බිල්පත් ආණ්ඩුව නිකුත් කරනවා. මහ බැංකුව ඉදිරිපත්ව ඒවා ගන්නවා. ඒක තමයි මුදල් අච්චු ගහනවා කියන්නේ. සමහර අවස්ථාවලදී අමාරු තීන්දු, තීරණ ගන්න සිදුවෙනවා. මෙයත් ශල්‍යකර්මයක් හා සමානයි. මුදල් අච්චු ගැසීමත් කල්පනා කර බලා අවශ්‍ය වේලාවට ගත් තීන්දුවක්. එය නතර කිරීමටත් වේලාවක් එනවා. මුදල් අච්චු ගැසීම තුළින්ම උද්ධමනය වැඩිවෙන්නේ නැහැ."යන්නයි.
977 Views
Comments