ගෝල්ෆෙස් අරගලකරුවන්ට පොලිස්පතිගෙන් වන්දි?

පසුගිය මැයි 09 වැනිදා ගාලු මුවදොර ගෝඨාගෝගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිදුකළ විමර්ෂණයකින් පසුව වින්දිතයන්ට පොලීසිය විසින් වන්දි ගෙවිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා පොලීසියට නිර්දේශ කර තිබේ.
ඒ බව නිවේදනය කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඊයේ(26) නිවේදනයක්ද නිකුත් කර ඇත.
අදාළ නිවේදනය මඟින් මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් පවසන්නේ, අදාළ දිනයේ සාමකාමී විරෝධතාවක නිරත වී සිටි විරෝධතාකරුවන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් පොලිස්පතිවරයා විසින් තම රාජකාරිය කඩ කර ඇති බවයි.
එසේම එම දිනයේ කොල්ලුපිටිය අරලියගහ මන්දිරයේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එවක ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවෙන් පසුව එම හමුවට සහභාගි වූ පොහොට්ටු පාක්ෂික්‍යන් විසින් ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහර දීමට පැමිණි අවස්ථාවේ දී, ගාලු මුවදොර විරෝධතාකරුවන්ට ආරක්ෂාව පැනවීම සඳහා, බස්නාහිර පළාත භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් සහ විරෝධතා භූමියේ ආරක්ෂාව සඳහා සේවයේ යොදවා සිටි සියලුම නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවද එම නිවේදනය ඔස්සේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත.
තවද මින් ඉදිරියට එවැනි සිදුවීම් සිදු නොවීමට පොලිස්පතිවරයාගේ රාජකාරි කඩකිරීම සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා වෙත නිර්දේශ කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
(මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්)
273 Views
Comments