පොහොර හිඟයට විසඳුම් ඉල්ලා ගොවීන් අදත් විරෝධයේ

පොහොර හිඟයට විසඳුම් ඉල්ලා අදත් ප්‍රදේශ රැසක විරෝධතා ක්‍රියාත්මක වුණා.
වගාවන් සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට බලධාරින් කටයුතු කළ යුතු බව එහිදී ගොවීන් ඉල්ලා සිටි අතර ඔවුන් සඳහන් කළේ කාබනික පොහොර භාවිතය සඳහා යොමුවීම ඉතා සුදුසු වුවත්, එය එකවර සිදුකිරීමට තමන්ට අපහසු බවයි.
මෙලෙස අද(27) පෙරවරුවේ කැකිරාව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් පාගමනින් කැකිරාව නගරයට පැමිණ විරෝධතාවක නිරත වුණා.
එමෙන්ම ගලෙන්බිඳුනුවැව, ඉහළ කොකාවැව, තිත්ඇල්ලෑව ප්‍රදේශයේ ගොවීන් තමන් වගා කළ බටු, ළුෑණු, සහ බඩඉරිඟු බෝගවලට අවශ්‍ය යූරියා නොමැතිකමින් එම ගොවීන් දැඩි පීඩාවට පත්ව තිබුණා.
882 Views
Comments