"එක්ස්ප්‍රස් පර්ල්" අනතුරින් සමස්ත පෘථිවියටම බලපෑම් - එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

"එක්ස්ප්‍රස් පර්ල්" අනතුරින් සමස්ත පෘථිවියටම බලපෑම් - එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි

"එක්ස්ප්‍රස් පර්ල්" අනතුරින් සමස්ත පෘථිවියටම බලපෑම් - එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි

මෙරට සාගර කලාපය තුළ ගිනිගෙන දැවුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් පසු පරිසරයට මුදා හැරුණු රසායනික ද්‍රව්‍ය නිසා සමස්ත පෘථිවියටම සැලකිය යුතු හානියක් සිදු වී ඇති බව ජගත් සංවිධානය පවසයි.

 

මෙම අනතුරෙන් සිදුවූ හානිය ගණනය කිරීම සහ එයින් මිදීමටත් ඉදිරියේදී මෙවැනි ආපදා වළක්වා ගැනීමට අවශ්‍ය සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට තමන් සූදානම් බව එම සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය පවසා සිටියා.

 

අද වෙන විට මෙම අනතුර සිදුවී මසකට ආසන්න කාලයක් ගත වී ඇති අතර ඉන් සිදු වූ හානිය පිළිබඳව සොයා බැලීමට අද ජගත් සංවිධානය පරිසර වැඩසටහනේ විද්‍යාඥයින් පිරිසක් එම නෞකාව නිරීක්ෂණය කිරීමේ කටයුතු වල නිරත විය.

 

මෙම අනතුර හේතුවෙන් ඊයේ දිනය වන විට කැස්බෑවන් 70කගේ, ඩොල්ෆින් මසුන් 12කගේ සිරුරු වෙරලට ගොඩ ගසා ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

views

2285 Views

Comments

arrow-up