සතොස ආදායම වාර්තා ගත ලෙස ඉහලට

සතොස දෛනික ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළඳ අමාත්‍යාංශය පවසනවා.
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 27 ක මිල පහළ දැමීමත් සමග මෙම ආදායම ඉහල ගිය බව අමාත්‍යාංශය පවසනවා.
පාරිභෝගික භාණ්ඩ 27 හි මිල අඩු කර පාරිභෝගිකයින්ට අලෙවි කිරීම ආරම්භ කිරීමට පෙර දිනයේ සතොස ආයතනයේ දෛනික පිරිවැටුම රුපියල් මිලියන 82 ක් ලෙස පැවතුණා.
ඉකුත් 10 වනදා වන විට එම ආයතනයේ දෛනික පිරිවැටුම රුපියල් මිලියන 166 ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි වෙළඳ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ 27 ක මිල පහළ දමා දින 03 ක් ඇතුළතදී, සතොස ආදායම සියයට 102 කින් ඉහළ ගොස් ඇති බව ද එම නිවේදනයේ සඳහන්.
683 Views
Comments