බිඳවැටී තිබුණු වෙබ් අඩවි අතර රාජ්‍ය ආයතනත් - .lk ප්‍රහාරය ගැන විමර්ශන

අද උදෑසන Google.lk සහ මෙරට .LK වෙබ් අඩවි කිහිපයක බිඳ වැටීමක් සිදු වී තිබූ අතර දැන් එය යාවත්කාලීන කර ඇතැයි LK ඩොමේන් ලේඛකාධිකාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා පවසනවා.
ඒ සඳහා සන්දේශන නියාමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහාය ලබා දී තිබේ.
මෙම බිඳවැටීම තුළින් අදාළ වෙබ් අඩවිවල දත්ත සොරා ගෙන ඇති බවට කිසිදු සාක්ෂියක් මේ දක්වා වාර්තා වී නොමැති බව ද මහාචාර්ය ගිහාන් ඩයස් මහතා කියා සිටියා.
බිද වැටීමට ලක්වූ වෙබ් අඩවි අතර රජීව් පරිදි කිහිපයක් ද තිබූ බව සඳහන්.
එම වෙබ් අඩවි වල IP මාරු කර වෙනත් වෙබ් අඩවි වලට පිවිසීමට සකස් කර තිබූ බවයි පැවසෙන්නේ.
බිඳ වැටීම සිදු වූ කාලය අතරතුර වතුකරයේ ජනතාවට රුපියල් දහසක වේතනය ලබා දිය යුතු බව සඳහන් බැනරයක්ද දර්ශනය වී තිබුණා.
මෙය සයිබර් ප්‍රහාරයක් ද යන්න පිළිබඳව සහ එය සිදු කිරීම් කවුරුන්ද යන්න පිළිබඳව මේ වන විට විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා.
757 Views
Comments