තවත් බිත්තර ලක්ෂ 10 ක් ඉන්දියාවේ සිට අද මෙරටට

ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක තොගයක් කොළඹ වරායට ළඟා වී තිබේ. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ ඒ් සඳහා ද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීමටද නියමිත බවයි.
බිත්තර වෙළෙඳුන් පෙන්වා දෙන්නේ තවදුරටත් වෙළෙදපොළේ බිත්තර හිඟයක් පවතින බවත්, බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් දක්වමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය හේතුවෙන් මේ වන විට බිත්තර වෙළෙදාම සිදු නොකරන බවත් ය.
සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මාතලී ජයසේකර මහත්මිය අද පැවැති මාධ්‍ය හමුවකදී බිත්තර වෙළෙදපොළේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර උපරිම සිල්ලර මිල ඉවත් කිරීමෙන් බිත්තර හිඟය වළක්වාගත හැකි බව කියා සිටියේය.
දැනට සුදු බිත්තරයක් සඳහා රුපියල් 44.00 ක්ද, රතු බිත්තරයක් සඳහා රුපියල් 46.00 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙන බවද ඇය සඳහන් කරයි.
223 Views
Comments