ළදරුවන් අතරේ මන්දපෝෂණය වැඩි වෙලා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

ළදරුවන් අතරේ මන්දපෝෂණය වැඩි වෙලා

ළදරුවන් අතරේ මන්දපෝෂණය වැඩි වෙලා

 

අවුරුදු 1ට අඩු ළදරුවන්,වයස අවුරුදු එකත් පහත්  අතර දරුවන් සහ  පෙර පාසල් වියේ දරුවන් අතර පසුගිය වසරට ( 2021) සාපේක්ෂව මේ වසරේදී  මන්දපෝෂණ  තත්වයන්හි වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය නිකුත් කළ වාර්තාවක  සඳහන් වේ.

 

 

එසේම රටේ අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට 42.9 ක ප්‍රතිශතයක්  කුමන හෝ මන්දපෝෂණ තත්වයකින් පෙළෙන බවද  එම වාර්තාවේ දැක්වේ.

 

 

උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් (උග්‍ර කෘෂ බව) පෙළෙන  වයස අවුරුදු පහට අඩු දරුවන් 18,240 දෙනෙකුද දිවයිනේ විවිධ ප්‍රදේශවලින්  වාර්තාවී ඇතැයි පවසන එම කාර්යාංශය මෙම දරුවන් සමීපව අධීක්ෂණය හෝ  පසු විපරම් කළ යුතු බවටද  යෝජනා කරයි.

views

188 Views

Comments

arrow-up