ජනතාවගේ ජීවිත සියල්ලටම වඩා වටිනවා. නීති රීති ලිහිල් කරන්න. - කෙහෙලිය රඹුක්වැල්ල
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

ජනතාවගේ ජීවිත සියල්ලටම වඩා වටිනවා. නීති රීති ලිහිල් කරන්න. - කෙහෙලිය රඹුක්වැල්ල

ජනතාවගේ ජීවිත සියල්ලටම වඩා වටිනවා. නීති රීති ලිහිල් කරන්න. - කෙහෙලිය රඹුක්වැල්ල

ජනතාවගේ ජීවිත අන් සියල්ලටම වඩා වටිනා බැවින් ඇතැම් සාම්ප්‍රදායික නීති රීති ලිහිල් කරමින් ඔවුන්ට අවශ්‍ය ඖෂධ සැපයිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

 

ඊට අදාළ සෑම ක්‍රියාමාර්ගයක්මය කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

 

ඖෂධ සඳහා අවශ්‍ය මුදල් වෙන් කර තිබිය දී ඖෂධ හිඟයක් ඇති වුවහොත් එහි වගකීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ අංශ භාරගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

 

ඊයේ (12) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අමාත්‍යංශ නිලධාරීන් හා ‍සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

 

views

233 Views

Comments

arrow-up