බදියුදීන්ට සහ බිරිඳට විදෙස් ගතවීමට අවසර

මෙහෙකාර සේවයේ සිටියදී පිලිස්සී මියගිය බව කියන ජූඩ් කුමාර් ඉශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහ ඔහුගේ බිරිඳගේ විදෙස් ගමන් තහනම මැයි මස 24 වැනිදා තෙක් තාවකාලිකව ඉවත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඔවුන් දෙදෙනාට විදෙස් ගතවීමට අද(09) අවසර ලබාදුන්නාය.
කටාර් රාජ්‍යයේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගීවීමට තම සේවාදායකින් දෙදෙනා සූදානම්ව සිටින බැවින් ඒ සඳහා ඔවුන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර දෙන මෙන් සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනිල් සිල්වා මහතා සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම අවසරය ලබාදීමට කටයුතු කළාය.
758 Views
Comments