නිධන් හොරුන්ට බිලිවන පොළොන්නරුවේ ගෝපාල පබ්බත භූමිය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

නිධන් හොරුන්ට බිලිවන පොළොන්නරුවේ ගෝපාල පබ්බත භූමිය

නිධන් හොරුන්ට බිලිවන පොළොන්නරුවේ ගෝපාල පබ්බත භූමිය

පොළොන්නරුව පූජා භූමියේ පෞරාණික වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබෙන ඓතිහාසික “ගෝපාල පබ්බත” භූමිය පසුගිය 4 වනදා යළි නිධන් හොරුන් විසින් විනාශ කර ඇතැයි පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ පැවසූහ.

 

මීට පෙරත් එම ස්ථානය නිධන් හොරුන්ගේ ග‍්‍රහණයට ලක්ව තිබෙන බවත් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් විශේෂ මුරකුටියක් අදාළ ස්ථානයට පේන මානයේ පිහිටුවා තිබුණත් කිසිවෙකුගේ අවධානයට ලක් වී නොමැතිවීම විශ්මය ජනක බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ. 

 

ගල්විහාරය හා කිරිවෙහෙර ආසන්නයේ පිහිටා ඇති මෙම ගෝපාල පබ්බතයෙහි නිධන් හෑරූ පුද්ගලයින්ගේ ඇඳුම්ද දමාගොස් තිබියදී හමුවී ඇතත් තවමත් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

 

මෙම ගෝපාල පබ්බත භූමියෙහි පොළොන්නරු යුගයට අයත් පැරණිතම ආලාහන පිරිවෙන පිහිටුවා තිබූ බවට චූලවංශයෙහි සඳහන් කර ඇති බවද සමිත හිමියන් පැවසූහ.

views

754 Views

Comments

arrow-up