යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටී ගිනිගනී - තිදරු පියා පිළිස්සී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටී ගිනිගනී - තිදරු පියා පිළිස්සී මරුට

යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටී ගිනිගනී - තිදරු පියා පිළිස්සී මරුට

ආණමඩුව - හලාවත මාර්ගයේ සංගට්ටිකුලම ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටි සිදුවූ ගිනි ගැනීමෙන් තිදරු පියෙකු පිළිස්සී මියගොස් ඇතැයි ආණමඩුව පොලිසිය කියයි.

 

මෙලෙස මරණයට පත්ව තිබෙන්නේ ආණමඩුව මුදලක්කුලිය පදිංචි රාජකරුණා හේරත් මුදියන්සේලාගේ රංබංඩාර නැමති 60 හැවිරිදි තිදරු පියෙකි.

 

වන්නි රස්නායකපුර පදිංචි සදුන් සුරංග නැමති 21 හැවිරිදි තරුණයෙකු අනතුරින් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇත.

 

හලාවත දෙස සිට පැමිණි යතුරු පැදියක් සහ අතුරු මාර්ගයකින් එම මාර්ගයට දැමිමට ගිය යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටි එම ස්ථානයෙදීම ගිනි ගැනිම සිදුව තිබේ.

 

අනතුරත් සමඟ තිදරු පියා ඉතාමත් අවාසනාවන්ත ලෙස යතුරු පැදියට සිරවි ඇති අතර ක්ෂණිකව ඇතිවු ගින්නෙන් ඔහු දැවි පිළිස්සි මරණයට පත්ව තිබු බව පොලිසිය කියයි.

views

705 Views

Comments

arrow-up