අධිකරණයේ තහනමද නොතකමින් පවත්වන්න හැදූ “මහවිරු සැමරුම්” තහනම්

දෙමළ ජාතික ජනතා පෙරමුණේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් පිරිසක් යාපනයේ ස්ථාන කිහිපයක සංවිධානය කරතිබූ මහවිරු උළෙලවල් සහ ඒ සඳහා පෙර සූදානම් වීමේ අවස්ථාවන් යුද හමුදාව සහ පොලිසිය විසින් පෙරේදා(24) වළක්වා තිබේ.
මොවුන් කණ්ඩායම් ලෙස පැමිණ යාපනයේ පේදුරුතුඩුව, කයිට්ස්, කෝපායි යන ප්‍රදේශවල පිහිටි සුසාන භූමි ශුද්ධ පවිත්‍ර කරමින් මහවිරු උළෙලවල් පැවැත්වීම සඳහා කටයුතු සුදානම් කළ අයව යුද හමුදාව සහ පොලිසිය විසින් අවවාදකොට පළවා හැර ඇත.
එලෙස පැමිණි පිරිස්වල පෞද්ගලික තොරතුරු ආරක්ෂක අංශ විසින් ලේඛන ගතකොට ඇති අතර ඔවුන් පැමිණි වාහනවල විස්තරද සටහන් කරගෙන තිබේ.
උතුරේ පළාතේ ප්‍රදේශ ගණනාවක මේ වනවිට මහවිරු උළෙල පැවැත්වීම තහනම් කරමින් ඒ ඒ ප්‍රදේශවල අධිකරණ විසින් තහනම් නියෝග පනවා ඇත.
692 Views
Comments