පොලිස් සිරමැදිරියේ මියගිය පුද්ගලයාගේ දේහය බිරිඳ එපා කියයි

පනාමුර පොලිසියේ සිර මැදිරිය තුළදී මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව සිරුරු කොටස් වැඩිදුර පරික්ෂණ සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මේ වන විටත් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරයි.
පනාමුර වැලිපොතයාය පදිංචි 38 හැවිරිදි ඉන්දික ජයරත්න පනාමුර පොලිසියේ සිර මැදිරිය තුළදී මිය ගොස් සිටීම හේතුවෙන් පසුගියදා පනාමුර නොසන්සුන්තාවක් හටගත්තා.
මිය ගිය පුද්ගලයාගේ සිරුර භාරගැනීම ඔහුගේ බිරිද විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි පොලිසිය සඳහන් කළා.
ඒ අනුව මරණකරුගේ සහෝදරිය දේහය බාරගෙන ඇති බව අප වාර්තා කරු පැවසීය.
3832 Views
Comments