කොළඹ ඉඩම් කොල්ලයකට ඇමති නාමලුත් ගෑවෙයි,නගරාධිපති එරාජුත් ඉන්නවලු
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

කොළඹ ඉඩම් කොල්ලයකට ඇමති නාමලුත් ගෑවෙයි,නගරාධිපති එරාජුත් ඉන්නවලු

කොළඹ ඉඩම් කොල්ලයකට ඇමති නාමලුත් ගෑවෙයි,නගරාධිපති එරාජුත් ඉන්නවලු

කොල්ලුපිටියේ 10 වැනි පටුමගේ ජීවත් වූ දරුපවුලක් අද(11) අලුයම ඔවුන් වෙසෙන ස්ථානයෙන් එළියට ඇද දමා ඔවුන් ජීවත් වූ ඉඩම බලහාත්කාරයෙන අත් පත් කරගැනීමට උත්සහා දැරූ පුවතක් වාර්තාවෙනවා.

 

තුවාන් අසන් සලීම් නමැති මෙම ඉඩම් අයිතිකරු යැයි පවසන පුද්ගලයා පවසන්නේ මොහොමඩ් ෂේක් මොහොමඩ් සිද්ධික් නමැති අයෙක් මෙම ඉඩම් කොල්ලය සිදු කරන බවත්ය.

 

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු, රත්තරන් තිලක් යන අයද මොහොමඩ් සිද්ධික් සමග මේ ඉඩම් කොල්ලයට සම්බන්ධබවටද ඔහු චෝදනා කරා.

 

ඊයේ (11) අලුයම 2ට පමණ මෙම ස්ථානයට අවි ආයුධ අතැතිව පැමිණි 200කට අධික මැර පිරිසක් තම දරුවන්ට පහරදී තම නිවසද කඩා බිඳ දමා බලහත්කාරයෙන් මෙම ඉඩම අත්පත් කර ගැනීමට කටයුතු කළ බවත් මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට පැමැණිළි කළද පලක් නොවූ තැන පොලිස් මූලස්ථානයට පැමිණිලි කළ බවත් ඉඩමේ හිමි කරු පැවසීය.

 

මෙම ඉඩම් කොල්ලයට පැමිණි පුද්ගලයින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ නමද කියමින් දේශපාලන හයිය ප්‍රදර්ශනය කරමින් තමන් භිය ගැන්වීමට උත්සහා කළ බවද හෙතෙම වැඩදුරටත් පැවසීය.

views

797 Views

Comments

arrow-up