NOV
05
කොරෝනා කරලට පළමු අනුමැතිය බ්‍රිතාන්‍යයෙන්

'කොවිඩ් 19' වයිරසය අඩපණ කිරීමට, ඇමෙරිකාවේ 'මර්ක්' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ 'මොනුපියර්වියර්' නමැති බෙහෙත් කරලට පළමු අනුමැතිය හිමිවිය.
අනුමැතිය ලබා දුන්නේ මහා බ්‍රිතාන්‍යයයි.
ඒ අනුව, 'මොනුපියර්වියර් සඳහා අනුමැතිය පළමුවෙන්ම හිමිවූයේ මහා බ්‍රිතාන්‍යයෙනි.
'මොනුපියර්වියර්' වයිරස නාශක ඖෂධයක් වන අතර, 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වීමෙන් අනතුරුව, වෛද්‍ය නිර්දේශ මත 'මොනුපියර්වියර්' නිවසේ සිට භාවිතයට ගැනීම කළ හැකි බවත්, එහි අතුරු ආබාධ කිසිවක් නොමැති බවත් 'මර්ක්' සමාගම පෙන්වා දී ඇත.
943 Views
Comments