“ගිහින් බලන විට ගේ තිබුණු තැනවත් හොයාගන්න තිබුණේ නැහැ, අක්කා මාව බේරගන්න කියලා මර හඬ දුන්නා” - පස් යට සැඟව ගිය කඳුලු කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

“ගිහින් බලන විට ගේ තිබුණු තැනවත් හොයාගන්න තිබුණේ නැහැ, අක්කා මාව බේරගන්න කියලා මර හඬ දුන්නා” - පස් යට සැඟව ගිය කඳුලු කතාව

“ගිහින් බලන විට ගේ තිබුණු තැනවත් හොයාගන්න තිබුණේ නැහැ, අක්කා මාව බේරගන්න කියලා මර හඬ දුන්නා” - පස් යට සැඟව ගිය කඳුලු කතාව

“රණසිංහ අයියා එදා සවස කඩේ ළඟදි කිව්වා, මේ දවස්වල වහින නිසා නාය යයිද දන්නේ නෑ කියලා, එදාට පහුවදා පාන්දර 4.20ට විතර රණසිංහ අයියලාගේ ගෙවල් පැත්තෙන් සද්දයක් ඇහුණා. 

මම විදුලි පන්දම අරගෙන ගිහින් බලද්දි රණසිංහ අයියලාගේ ගේ තිබුණු තැනවත් හොයාගන්න තිබුණ නැහැ” 


යැයි පසුගිය 10 වනදා අළුයම ගලිගමුව දේවාලේගම ප්‍රදේශයේ සිදුවූ නාය යෑමේ සිද්ධිය ගැන අසල්වාසී 58 හැවිරිදි රංජිත් රත්නායක මහතා පවසා සිටියේය.

 

මෙම හදිසි අනතුරෙන් නිවසේ සිටි පියා සහ පුත්‍රයා මියගොස් කාන්තාවක් බරපතළ තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ. 

 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ පුස්සැල්ල ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි ඩබ්ලියු. ආර්. රණසිංහ සහ 33 හැවිරිදි දමිත් කුමාර රණසිංහ නැමැති පුද්ගලයෙකි. 

 

67 හැවිරිදි සී. එම්. නන්දාවතී නැමැති කාන්තාවක් අනතුරින් දිවි ගලවාගෙන ඇත.

 

 පුස්සැල්ල ප්‍රදේශයේ කන්දක් පාමුල තිබුණු නිවස මතට පස් කන්දක් කඩා වැටී නිවස සම්පූර්ණයෙන්ම යටවී තිබුණි. 

 

මියගොස් සිටින රණසිංහ මහතාට සහ බරපතළ තුවාල ලබා සිටින නන්දාවතී මහත්මියට දරුවන් තිදෙනෙක් වන අතර මියගිය අවිවාහක තරුණයා පියා සමඟ කුඹුරු ගොවිතැන් කටයුතුවල නිරතව සිටි අයෙකි. 

 

බරපතළ තුවාල ලබා සිටි මව කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අතුරුදන්ව සිටි පියා සහ පුතා ප‍්‍රදේශයේ ජනතාවගේ මෙන්ම 611 වැනි බල සේනාවට අයත් 8 වැනි සිංහ රෙජිමේන්තුවේ සෙබළුන් විසින් බැකෝ යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් සොයමින් සිටියදී දහවල් 12 පමණ වන විට සොයා ගැණිනි. 

 

පසුව මෘත දේහ කෑගල්ල මහ රෝහල වෙත රැගෙන යන ලදි.

 

“රණසිංහ පවුල ගමේ කා අතරත් හොඳ හිත දිනාගෙන ජීවත් වෙමින් වුණා. එදා ? මම නිදාගෙන ඉන්න කොට අපේ අම්මා ඇවිත් කිව්වා සද්දයක් ඇහුණා පොඩ්ඩක් එළියට ගිහින් බලන්න කියලා.

මම විදුලි පන්දමත් අරගෙන ගිහින් බලන කොට රණසිංහ අයියලාගේ ගේ තිබුණු තැනවත් හොයාගනන්න තිබුණේ නැහැ.

 

මට එයාලගේ රබර් ෂිට් වේලන දුම් කාමරේ පැත්තෙන් අනේ මාව බේරා ගන්න කියලා නන්දාවතී අක්කා කෑ ගහනවා ඇහුණා.

මම බොහොම අමාරුවෙන් එතැනට ගිහින් බලන කොට නන්දාවතී අක්කා දුම්මැස්ස ළඟ හිරවෙලා හිටියා.

මම ළඟ හිටිය සමන් කුමාරත් එක්ක එකතු වෙලා බොහොම අමාරුවෙන් නන්නදාවතී අක්කාව ගොඩට ගත්තා.”

 

යනුවෙන් අදහස් දැක්වූ රංජිත් රත්නායක මහතා පැවසීය.

views

932 Views

Comments

arrow-up