ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කළ ස්ථානයක් වටලයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කළ ස්ථානයක් වටලයි

ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කළ ස්ථානයක් වටලයි

ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කරන ස්ථානයක් ඊයේ (11) කොළඹ චීන මුඩුක්කු ප්‍රදේශයේදී වටලා ඇත.

 

වැටලීම සිදුකර තිබුණේ පරිගණක අපරාධ විමර්ශන නිලධාරීන් විසින්ය.

 

එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

වැටලීමේදී ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කරන උපකරණ තොගයක්, කල්ඉකුත් වූ රියදුරු බලපත්‍ර 41ක්, ව්‍යාජ රියදුරු බලපත්‍ර 27ක් ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.

 

චීනයෙන් ගෙන්වන ලද ලැමිනේටින් ස්ටිකට් තොගයක් ද එහි තිබී සොයාගත් බව විමර්ශන නිලධාරීන් පැවසීය.

 

වැඩිදුර විමර්ශන කටයුතු පොලීසිය විසින් සිදු කරයි.

views

711 Views

Comments

arrow-up