අද කාලගු-ණය - පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

සබරගමුව, මධ්‍යම,ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුරුසහ උතුරු-මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
බස්නාහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
ගිනිකොණදිගබෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය 02 වන දින 2330 පැය වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී උතුරු අක්ෂාංශ 12.0 සහ නැගෙනහිර දේශාංශ 87.5 ආසන්නව ස්ථානගතවපවතී.
එය එළඹෙන පැය 24 තුල සුලිකුණාටුවක් දක්වා වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කර මධ්‍යමබෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ලගාවේ යයි අපේක්ෂා කරනු ලබන අතරදෙසැම්බර් 04 වනදා වනවිට ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළට ලඟාවේයයි අපේක්ෂා කරනු ලැබේ.
මධ්‍යම බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල සිය කටයුතු මෙහෙයවන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ ව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයකවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංප්‍රධාන වශයෙන් ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යස්වභාවයේ පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
758 Views
Comments