ඉතාලියේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය තාවකාලිකව වැසේ

ඉතාලියේ පිහිටා ඇති ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
කොන්සල් ජනරාල් කාර්යාලය නැවත විවෘත කිරීම පිළිබඳව ලබන 15 වනදා දැනුම්දීමට නියමිතයි.
කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයෙකු කාර්‍යාලයට පැමිණි බව තහවුරු කරගැනීම සමඟ කාර්යාලය මෙසේ වසා දැමීමට තීරණය කෙරුණා.
ආරක්ෂිත පියවර ගනිමින් කොන්සල් කාර්යාලය විසබීජහරණය කර තිබෙනවා.
කාර්ය මණ්ඩලය ද PCR පරීක්ෂණ සඳහා ඉදිරියේ දී යොමු කරනු ඇති.
කාර්යාලය වසා දමා තිබෙන කාලය තුළ මරණ හෝ හදිසි අවශ්‍යතා සඳහා උදෑසන 9.30 සවස 4.30 ත් අතර කාලය තුළ අැමතීම සඳහා ශ්‍රී ලාංකිකයින්ට දුරකථන අංකයක් ලබාදී තිබෙනවා.
දුරකථන අංකය - 388 724 90 16
611 Views
Comments