මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට කෙළ ගැසු පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට කෙළ ගැසු පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

 මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට කෙළ ගැසු පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

අටුලුගම ප්‍රදේශයේ  රාජකාරිය සදහා පැමිණි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට කෙළ ගැසීමේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.


අටුලුගම ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයෙකු රෝහල්ගත කිරීම සඳහා සෞඛ්‍ය අංශ පැමිණි අවස්ථාවේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු සෞඛ්‍ය අංශ වෙත කෙළ ගැසීමක් සිදුකර තිබුණේ රෝහලගතවීම ප්‍රතික්ෂේප කරමිනි.

 

සැකකරු මේවනවිට කොරෝනා ආසාදිතයෙකු බැවින් ඔහුගේ රෝගී තත්වය පහව ගිය පසු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.

views

595 Views

Comments

arrow-up