කොරෝනා ආසාදිතයින් රැගත් බස් රථයක් අනතුරට ලක් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

කොරෝනා ආසාදිතයින් රැගත් බස් රථයක් අනතුරට ලක් වෙයි

කොරෝනා  ආසාදිතයින් රැගත් බස් රථයක්  අනතුරට ලක් වෙයි

කොරෝනා  ආසාදිතයන් ප්‍රවාහනය කරමින් තිබූ යුද හමුදාවට අයත් බස් රථයක් සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් අද (04) උදෑසන  වැලිකන්ද ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී තිබේ.

 


සිද්ධියෙන් බස් රථ දෙකෙහි රියදුරන් තුවාල ලබා ඇත.

 

 බස් රථ දෙකේ ගමන් කල මගීන්ට තුවාල සිදු වී නොමැති බව වාර්තා වෙයි.

 


යුද හමුදා බස් රථය කොළඹ, හොරණ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින් රැගෙන වැලිකන්ද පුනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යමින් සිට තිබෙනවා

 


අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලීසිය පවසන්නේ කොවිඩ් රෝගීන් ප්‍රවාහනය කළ බස් රථයේ රියදුරුට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවය.
 

 

views

683 Views

Comments

arrow-up