පස් කණ්ඩියකට යටවීමෙන් තරුණයෙක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

පස් කණ්ඩියකට යටවීමෙන් තරුණයෙක් ජීවිතක්‍ෂයට

පස් කණ්ඩියකට යටවීමෙන් තරුණයෙක් ජීවිතක්‍ෂයට

බණ්ඩාරවෙල, පූනාගල ප්‍රදේශයේ දී පස් කණ්ඩියක් කඩා වැටි තරුණයෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

 

ඔහු තවත් කීපදෙනෙක් සමඟ බැම්මක් ඉදිකිරීම සඳහා අත්තිවාරම් වලක් කපමින් සිටියදී ඊට ඉහළින් තිබූ පස් කණ්ඩියක් තරුණයාගේ ඇඟ මතට කඩා වැටි ඇති බව පොලීසිය පවසයි.

 

ඊයේ (23) පෙරවරු 4ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර පස් ඉවත්කර තරුණයාව බණ්ඩාරවෙල රෝහලට රැගෙන ගියද ඔහු ඒ වන විටත් මියගොස් සිට ඇති බව වාර්තා වේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල දූල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි එක් දරු පියෙකි. 

 

බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

84 Views

Comments

arrow-up