ආපනශාලා ආහාර මිල ඉහල දමයි

මෙවර අය වැය මගින් ආපනශාලා හිමියන් වෙත කිසිදු සහනයක් නොලැබීම නිසා අද මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලා ආහාර කිහිපයක මිල ඉහළ දමන බව ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසයි.
ඒ අනුව ප්ලේන්ටි එකක් මිල රුපියල් 05කින්, කිරි තේ එකක මිල රුපියල් 20කින්, කොත්තු සහ රයිස් එකක මිල රුපියල් 30කින් සහ ෂෝට්ඊට්ස් හි මිල රුපියල් 20කින් මිල ඉහළ දමන බව ද සදහන් කරයි.
මේ වන විට පොල් ගෙඩියක මිල රුපියල් 200ත් 250ත් අතර වන බවත් ලුණු පැකට්ටුවේ මිල රුපියල් 20කින් පමණ ද සහල් කිලෝවක් රුපියල් 250ත් 280ත් අතර මිලක පවතින බැවින් මෙම තීරණය ගත් බව ද පවසයි.
83 Views
Comments