එකම අංක තහඩු සහිත මෝටර් රථ 02ක් හමුවෙයි

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් එකම අංකයෙන් ධාවනය කළ මෝටර් රථ 2ක්ද ඊයේ (12) සිය භාරයට ගෙන ඇත.
එකම අංකයෙන් යුත් ටොයෝටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථ 02ක් දෙහිවල, කැලණිය හා දළුගම යන ප්‍රදේශවල සැරිසරන බවට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම මෝටර් රථ හමු වී තිබේ.
අදාළ තොරතුර ඔස්සේ ක්‍රියාත්මක වූ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ පොලිස් බුද්ධි නිලධාරින් විසින් සකස් කරන ලද සූක්ෂම සැලසුමකට අනුව මෙම මෝටර් රථ සොයගැනීමට හැකිව ඇත.
මින් එක් මෝටර් රථයක් දෙහිවල මුහුදු මාවත දුම්රිය ස්ථානය අසලදීද, අනෙක් රථය දළුගම මුදියන්සේගේ වත්ත ප්‍රදේශයේදීද සිය භාරයට ගෙන තිබේ.
මේ වනවිට එම රථ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
මෙම මෝටර් රථ දෙකෙන් ව්‍යාජ රථය කුමක්ද යන්න පරික්‍ෂා කිරීම සඳහා අද (13) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර, රජයේ රස පරීක්‍ෂකවරයා මගින් පරික්‍ෂා කරගැනීම සඳහා නියෝග ලබාගැනීමට නියමිතව ඇත.
95 Views
Comments