මන්ත්‍රී අර්ච්චුනාගෙන් පහර කෑ දෙදෙනෙක් රෝහල්ගත කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

මන්ත්‍රී අර්ච්චුනාගෙන් පහර කෑ දෙදෙනෙක් රෝහල්ගත කරයි

මන්ත්‍රී අර්ච්චුනාගෙන් පහර කෑ දෙදෙනෙක් රෝහල්ගත කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබේ.

 

අප කළ විමසීමක දී පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ඔහුට පහරදුන් බව පවසමින් රෝහල්ගතව ඇති බවය.

 

ඊයේ (11) යාපනය ප්‍රදේශයේ හෝටලය දී මෙම පහරදීම සිදුව ඇතැයි පොලීසිය පැවසීය.

 

කෙසේවෙතත් මේවන විට දෙපාර්ශවයෙන් ලද පැමිණිලි මත විමර්ශන ආරම්භ කර ඇති අතර, ඉදිරියේ දී ඊට අදාළ නීතිමය කටයුතු සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

views

129 Views

Comments

arrow-up