2024 දෙසැම්බර් වන විට MW 500 පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය නිම කිරීමට සැරසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

2024 දෙසැම්බර් වන විට MW 500 පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය නිම කිරීමට සැරසෙයි

2024 දෙසැම්බර් වන විට MW 500 පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය නිම කිරීමට සැරසෙයි

මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල මෙගාවොට් 500ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ පෙරවරුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී රැස්වීමක් පැවැති බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කළේය. 

 

 

සීමාසහිත Adani Transmission හි MD සහ CEO අනිල් සර්දානා සහ ව්‍යාපෘති කළමනාකරණ කණ්ඩායම මෙම සාකච්ඡාව සඳහා පැමිණ සිටියේ ය. 

 

 

මෙම රැස්වීමේ දී, මුහුණ දෙන අභියෝග, ව්‍යාපෘතියේ මාර්ග සිතියම සහ එය නිම කිරීමේ කාලසටහන වැනි විවිධ කරුණු පිළිබඳව සාකච්ඡා කළහ. 2024 දෙසැම්බර් වන විට ව්‍යාපෘතිය අවසන් කිරීමට Adani Green Energy කටයුතු කරමින් සිටින බව අනාවරණය විය.

views

212 Views

Comments

arrow-up