අඩක් භාවිතා කළ ගෑස් සිලින්ඩර සඳහා මුදල් ආපසු

දෝෂ සහිත සහ සැකසහිත අඩක් භාවිතා කළ ගෑස් සිලින්ඩර ආපසු ලබා දීමේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දැනුම් දීමක් කර තිබෙනවා.
ඒ අනුව ආපසු භාර දෙන ගෑස් සිලින්ඩර වල ඉතිරි වී ඇති ගෑස් ප්‍රමාණය වත්මන් වෙළෙඳපොළ මිලට අනුව ගණනය කර එම වටිනාකමක් නව ගෑස් සිලින්ඩරය මිලදී ගැනීමේදී අඩු කළ යුතු බවට ගෑස් සමාගම් සඳහා උපදෙස් ලබාදී තිබෙනවා.
ගෑස් බෙදාහරින්නන් හෝ නියෝජිතයන් එලෙස ගැස් සිලින්ඩර ආපසු භාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේනම් පහත දුරකථන අංක හරහා ඔබට පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුවත් කළ හැකියි.
811 Views
Comments