කෝටි 15ක කේරළ ගංජා සමඟ දෙදෙනෙක් දැලේ

රුපියල් කෝටි 15කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 517ක පමණ තොගයක් සහ සැකකරුවන් දෙදෙනනෙකු පසුගිය 23 දා නාවික හමුදාව උතුරු මුහුදේ කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම මෙහෙයුමේදී මුහුදේ පාවෙමින් තිබූ උර 10ක පාර්සල් 160ක් ලෙස අැසුරූ කේරළ ගංජා කිලෝ 355 ග්‍රෑම් 350ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට සමත් වූ අතර, ජාවාරම් කරුවන් මෙම කේරළ ගංජා තොගය නාවික හමුදා සෝදිසි මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මුහුදට දමා පලා යන්නට ඇතැයි විශ්වාස කර ඇත.
පසුව, එම මුහුදු ප්‍රදේශයේ කළ වැඩිදුර සෝදිසි මෙහෙයුම් අතරතුරදී නාවික හමුදා යාත්‍රා මඟින් සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමට උත්සාහ කිරීමේදී එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා යාත්‍රා මඟහරිමින් එහි තිබූ උර කිහිපයක් මුහුදට විසිකර පලා යෑමට උත්සාහ කර ඇත. එහිදී නාවික හමුදා යාත්‍රා මඟින් සැකකටයුතු ඩිංගි යාත්‍රාව, එහි සිටි සැකකරුවන් දෙදෙනකු සමඟින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. පසුව එම මුහුදු ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුම් මඟින් අදාළ සැකකටයුතු ඩිංගි යාත්‍රාව මඟින් මුහුදට දැමූ උර 3ක පාර්සල් 60ක් ලෙස අැසුරූ කේරළ ගංජා කිලෝ 162 ග්‍රෑම් 400ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
685 Views
Comments