රටින් කොප්පරා ගෙන්වන තීරණය අතරමග නැවතීමට හේතුව ඩොලර් අර්බුදයයි

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසන්නෙ දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සදහා කොප්පරා ආනයනය කිරීමට රජය තීරණය කර වසරකටත් වැඩි කාලයක් ගතව ඇතත් මෙතෙක් එය ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇත්තේ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් බවයි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රි ජේ.සී අලවතුවල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කලේ.
අමුද්‍රව්‍ය හිගය නිසා මේ වනවිට දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් 600 කට වැඩි පිරිසකට ඔවුන්ගේ ව්‍යාපාර අහිමිවී ඇති බවත් පොල්තෙල් ආනයනකරුවන්ගේ මාෆියාවක් මේ පිටුපස ඇත්දැයි බරපතල සැකයක් ඇති බවත් ජේ.සී අලවතුවල මහතා එහිදී කියා සිටියා.
756 Views
Comments