ස්ටාලින් නිදහස් කරයි - ගුරුවරු වැඩි පඩි ඉල්ලා තවමත් වර්ජනයේ

නිරෝධායන රීති උල්ලංඝනය කරමින් විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් නිරෝධායනය සඳහා යොමු කර තිබුණු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස ඊයේ නිදහස් කෙරුණා.
කෙසේ නමුත් තවමත් ගුරුවරුන් දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමෙන් වැළකී වෘත්තීය ක්‍රියාමාර්ග නිරතවන්නේ සිය වැටුප් ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනි.
ආරම්භයේ දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව ගොඩ නැගුණු විරෝධය පසුව වෘත්තිය සමිති නායකයින් නිරෝධායනයට යැවීමට එරෙහි විරෝධයක් බවට පත් වූවා. මේ වන විට එය වැටුප් ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් සඳහා කරන සටනක් බවට පත්ව තිබෙනවා.
ගුරුවරුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ග යෙදෙන්නේ 6වන දිනටයි.
495 Views
Comments