සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු ලිංගික අතවර චෝදනාවකට අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
21

සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු ලිංගික අතවර චෝදනාවකට අත්අඩංගුවට

සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු ලිංගික අතවර චෝදනාවකට අත්අඩංගුවට

 

ලිංගික අපයෝජන චෝදනාවකට බ්‍රසීල පාපන්දු ක්‍රීඩක ඩැනී ඇල්වෙස් බාර්සිලෝනා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

 

අද (20) පෙරවරුවේදී මෙම සුපිරි ක්‍රීඩකයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය දිනක රාත්‍රී සමාජ ශාලාවක දී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මතයි.

 

මේ වනවිට ඇල්වෙස් වෙනුවෙන් පෙනී සිටින ප්‍රකාශයෙකු සඳහන් කර ඇත්තේ ඔහු එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

 

කෙසේවෙතත් අදාළ නඩු කටයුත්ත කැටලෝනියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

views

212 Views

Comments

arrow-up